Wednesday, May 21, 2014

වෛද්‍ය තුමිය ගැන තොරතුරු හා ඖෂධ පන්තියේ මූලික විස්තර

ආයුර්වේද වෛද්‍ය සුජීවා සමන්ති පතිරණ කොළඹ මරදානේ ශ‍්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.වසර තුනක සාර්ථක ශිෂ්‍ය දිවියකින් අනතුරුව 2008 දී නියමිත සියළු විභාග සමත් කරන ඇය එම වසරේදීම ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය හිමි කර ගනී. ඉන් අනතුරුව කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්ක වල ආයුර්වේද බෙහෙත් ශාලා පවත්වාගෙන යන එතුමිය ආයුර්වේදයේ ප‍්‍රායෝගික භාවිතය ගුණාත්මකව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන්නට උත්සහ ගත්තාය.ඒ සඳහා පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මෙන්ම පාරම්පරික සිංහල වෛද්‍ය වරුන්ගේද උපදෙස් හා මඟපෙන්වීම් ලබාගත් ඇය අභාවයට ගිය පාරම්පරික ආයුර්වේද ඖෂධ පන්තීන් හා වට්ටෝරු ගණනාවක් නැවැත පිටපත් කර ගැනීමට සමත් වූවාය.නවීන තාක්ෂණය හා බද්ධ වෙමින් ඊමේල් - ස්කයිප් වැනි සන්නිවේදන ක්‍රම හරහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු වෙනුවෙන් දුරස්ථ ප්‍රතිකාර ක්‍රම සාර්ථකව සිදුකරන ඇය මෙරට ප්‍රමුඛතම ආයුර්වේද වෙබ් අඩවි හා බ්ලොග් අඩවි වෙත සිය දැනුම සපයන්නීය. එම සියළුකාරණා සලකා බැලූ ශ‍්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලය විසින් ඇයව 2013 වර්ෂයේදී “වෛද්‍ය නිධී“ ගෞරව සම්මානයෙන්ද පුදනු ලැබීය.

බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර වලින් ''නිසි සුවයක් ලබාගත නොහැකි ''රෝග තත්වය කෘතිමව පාලනය කරමින් පමණක් සෑහීමකට පත්වන්නට රෝගියාට සිදුවන බොහෝ නිදන්ගත රෝග සඳහා ප‍්‍රත්‍යක්‍ෂ සුවයක් ස්වභාවික ආයුර්වේද ඖෂධ හරහා ළඟාකර දිය හැකි බව පැරණි ආයුර්වේද ඖෂධ සංග‍්‍රහයයන් පරිශීලනය කිරීමෙන් පසු එතුමිය විසින් වටහා ගන්නා ලදී. එවැනි
බෙහෙත් වට්ටෝරු අද දවසේ භාවිතයට යොදාගැනීම ප‍්‍රායෝගික නොවන්නේ කාර්යබහුල ජීවන රටාවකට හුරුවී සිටින වත්මන් සමාජයේ පුරවැසියන්ට නියම කරන නිසි ඖෂධ වර්ග සපයා ගැනීමේ අපහසුව, කෂාය වර්ග පිලියෙල කිරීමේ අපහසුව, ඒවා නිසි පදමට සකසා ගැනීමට ඇති නොහැකියාව වැනි හේතූන් නිසා බව වටහා ගන්නා වෛද්‍යාචාර්ය තුමිය තමන්ගෙන් ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ට තමන් විසින්ම පෙර සකසන ලද ඖෂධ පන්තීන් නියම කරමින් ප‍්‍රතිකාර කරන්නට පෙළඹුණාය.

පාරම්පරික හෙළ වෙදදුරකුගේද සහයෝගය ලබාගෙන නිෂ්පාදනය කළ පෙර සැකසුම් කළ කෂාය වර්ග කාර්ය බහුල රෝගීන්ගේ රුචියට හේතූ වූ අතර ඒවායේ පහසු භාවිත හැකියාව
නිසා ඔවුන් සිය ඖෂධ පන්තීන් අතරමඟ නතර කර නොගනිමින් අවසානය දක්වා නිසි ලෙස භාවිතා කරන්නටද පෙළඹිනි. එසේ සම්පූර්ණ ඖෂධ පන්තියම භාවිතයට ගැනීමෙන් හා අපත්‍ය ආහාර හා විහරණ වලින් වැළකී මාස දෙකක උපරිමයක් තුළ ගැස්ට‍්‍රයිටීස් රෝගය නිට්ටාවටමත් - දියවැඩියාව හා කෙලෙස්ටරෝල් තත්වයන් තවදුරටත් ඖෂධ නොමැතිව ආහාරයෙන් හා විහරණයෙන් පමණක් සාමන්‍ය මට්ටම් වල රඳවා ගැනීමේ හැකියාවත් රෝගීන්ට ළඟාකර ගත හැකි විය.

මේ තත්වය යටතේ නිදන්ගත රෝග වලින් පෙළුණු ප‍්‍රදේශවාසී රෝගීන්ගේ සතුටුදායක ප‍්‍රතිචාර හමුවේ ඈත ප‍්‍රදේශ වලින් ද නිදන්ගත රෝග සඳහා ප‍්‍රතිකාර සඳහා එතුමිය කරා යොමු වූ අතර විදේශගත රෝගීන් සඳහාද අඛණ්ඩව කූරියර් සේවා හරහා ඖෂධ පන්තීන් යැවීමට සිදුවිය. එසේම ආයුර්වේද ප‍්‍රතිකාර සඳහා වැඩි කැමැත්තක් දක්වන නමුත් කෂාය සකසා ගැනීමට නොදන්නා බර්ගර් හා මුස්ලිම් ජාතික පිරිස්ද මෙම ඖෂධ පන්තිය කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇත. දියවැඩියාව, කෙලෙස්ටරෝල්, අම්ල පිත්තය වැනි රෝග වලට අමතරව ආයුර්වේද රූපලාවන්‍ය ප්‍රතිකාර ක්‍රම සඳහාද තරුණ පිරිස් ඇගෙන් දුරස්ථ ප්‍රතිකාර ලබාගත් අතර වසර කිහිපයක අත්හදා බැලීම් වලින් පසුව ඒවාද සාර්ථක ප්‍රතිකාර වට්ටෝරුවලට ගොනු කරන්නට ඇයට හැකිවිය.

සාමාන්‍ය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කරන ක‍්‍රමවේදයන්ට යටත්ව නිෂ්පාදනය කෙරෙන සාමාන්‍ය ඖෂධ සමඟ දුර්ලභ ශාක වර්ග ගණනාවක පස් පංගුව නියමිත මාත‍්‍රාවන්ට යොදාගෙන පාරම්පරික වට්ටෝරු අනුව නිපදවෙන ඖෂධද අන්තර්ගත මෙම ඖෂධ පන්තිය දවසකට වරක් හෝ දෙවරක් භාවිතා කළ යුතු පරිදි නිපදවා තිබේ. එක් වරකට අවශ්‍ය පෙර සැකසුම් කළ ඖෂධ වේල භාවිතයට අවශ්‍ය ලෙස සකසා ගැනීම සඳහා උපරිමව වැය වන්නේ විනාඩි 5-10 අතර කාලයකි. එසේම මෙය සකසා ගැනීම සඳහා අනුගමනය කළ යුත්තේ සරල ක‍්‍රමවේදයක් බැවින් නේවාසිකාගාරයක වෙසෙන තරුණයෙකුට/ තරුණියකට වුවද අපහසුතාවයකට ලක්වීමට සිදු නොවේ. රූපලාවන්‍ය ප්‍රතිකාර සඳහා ඖෂධ වලට අමතරව තෛල සත්කාර හෝ විශේෂ ක්ෂණික තැවරුම් ආදියද මෙම වට්ටෝරුවල ඇතුළත් කර ඇත.

එසේම පාලනය කල යුතු ආහාරයන් භාවිතයට ගත යුතු අහාර පිළිබඳ මුද්‍රිත විස්තරයක් ද පිළිපැදිය යුතු ශාරීරික විහරණයන් පිළිබඳ පැහැදිලි කිරීමක්ද සෑම ඖෂධ පන්තියක් සමගම ලබාදෙන බැවින් එයට අනුගතව අදාළ ඖෂධ ළබාගත යුතු කාලසීමාව පසුකිරීමෙන් පසු සාමාන්‍ය පරිදි ජන ජීවිතයට මුහණ දීමේ හැකියාව රෝගියාට ලැබේ. කිසිදු කෘතිම රසායනික සංයෝගයක් අන්තර්ගත නොකොට ආයුර්වේද හා හෙළ වෙද මූලධර්ම වලට අනුකූලව නිෂ්පාදනය කරන මෙම ඖෂධ පන්තියේ කිසිදු අහිතකර අතුරු ප‍්‍රතිඵලයක්ද මතු නොවේ. දැනට බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගන්නා අයෙක් නම් ඒවා සමඟ මෙම ඖෂධ පන්තිය භාවිතා කලද කිසිදු ගැටළුවක් මතු නොවේ.

ඉතා දුර්ලභ ශාක වර්ග කිහිපයක් යොදාගන්නා බැවින් මෙම ඖෂධ පන්තිය ව්‍යාපාරික වශයෙන් වෙළඳ පළට නිකුත්කිරීමේ හැකියාවක් නොමැත. මන්ද එසේ ව්‍යාපාරික වශයෙන් මෙම ඖෂධ පන්තීන් නිෂ්පාදනය කළහොත් එම දුර්ලභ ඖෂධ වෙනුවට ආදේශක ඖෂධ හෝ වෙනත් ඖෂධ වර්ග භාවිතා කිරීමට අනිවාර්යයයෙන් සිදුවේ. එසේ වුවහොත් ඖෂධයේ ගුණාත්මක භාවයට
ගැටළු ඇතිවේයැයි වෛද්‍යතුමියගේ විශ්වාසයයි. ඒ කාරණය නිසා විශ්වාසයෙන් යුතුව ඖෂධ පන්තිය අවසානය දක්වා භාවිතා කළ හැකි තමන්ගේ ගතට සිතට වද දෙන නිදන්ගත රෝග ප‍්‍රත්‍යක්‍ෂව සුව කරගැනීමට අවශ්‍ය සීමිත රෝගීන් පිරිසකට පමණක් මෙම ඖෂධ පන්තිය ලබාගැනීම සඳහා අවස්ථාව ඇත.

මෙම ඖෂධ පන්තියේ සාමාන්‍ය මාසික වියදම දැරිය හැකි මට්ටමේ පවතින අතර එම ඖෂධ පන්තිය යම් නිශ්චිත කාලයක් අඛණ්ඩව භාවිතා කිරීමෙන් පසු සාමාන්‍ය තත්ව යටතේ
ඖෂධ වලින් තොරව හිතකර ආහාර රටා භාවිතා කරමින් නිසි විහරණ අනුව දිවි ගෙවිය හැකිය. එසේම ඖෂධ පන්තිය භාවිතා කරන අතරතුර මතුවන තත්වයන් ඕනෑම මොහොතක වෛද්‍යතුමිය හෝ එතුමියගේ කාර්ය මණ්ඩලය දැනුවත් කර ක්‍ෂණික උපදෙස් ලබාගැනීමේ හැකියාවක්ද ඇත. මෙම ඖෂධ පන්ති සඳහා මුදල් ගෙවීම “ඩයලොග් ඊසි කෑෂ්“ හරහා සිදුකළ හැක. ඔබ වෛද්‍යවරිය වෙත නොපැමිණ කූරියර් සේවා හරහා ඖෂධ පන්තිය ලබාගන්නේ නම් ඒ වෙනුවෙන් කූරියර් ගාස්තුවද අමතරව ගෙවීමට කටයුතු කරන්න. මුදල් ගෙවීමේ සිට ඖෂධ භාවිතය දක්වා ක්‍රමවේද පහත විස්තර කර ඇත.